මෙය ඔබේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍ය වන බවට අපි ඔබට දැඩි අවධාරණයෙන් යුතුව කියා සිටිමු. අපරාධ අධිකරණවල ප්‍රායෝගික භාවිතයන් කිව් සැනෙන් ඔබට සිහිගැන්වෙන්නට ඇත්තේ තම සේවාදායකයා වෙනුවෙන් අධිකරණයේදී ඇපයක් ඉල්ලා සිටින නැතහොත් චෝදනාවකට වරදකරු යැයි හෝ නිවැරදිකරු පවසන එසේත් නොමැති නම් සාක්ෂිකරුවෙකුගෙන් හරස් ප්‍රශ්න අසන නීතීඥවරයෙකි. බොහෝ නඩුවලදී එවැන්නක් සිදු වුවද අපරාධ අධිකරණයකදී සිදුවන, නීතීඥවරයෙකු විසින් සිදුකල යුතු කාර් ්‍යන් ඉතා විශාල ප්‍රමාණයක් ඇත.
නීතීඥ වෘත්තියට ප්‍රවිශ්ඨ වීමට බලාපොරොත්තුවෙන් සිටින බොහෝ දෙනා විශ්වාසය තබා ඇත්තේ අපරාධ නඩු විධාන සංග්‍රහය, දණ්ඩ නීති සංග්‍රහය, සාක්ෂි ආඥා පනත පිලිබද හසල දැනුමක් ඇත්තෙකුට පමණක් දක්ෂ නීතීඥවරයෙකු විය හැකි බවයි. දක්ෂ නීතීඥවරයෙකු වීමට නීතිය ගැන හොද දැනීමක් තිබීම අවශ්‍යය වන නමුත් එය තිබූ පමණින්ම විශිෂ්ඨ වෘත්තිකයෙකු විය නොහැකිය. ඒ සදහා අධිකරණ කටයුතු ප්‍රායෝගික සිදුවන අයුරු දැන සිටිය යුතුය. උදාහරණයක් ලෙස පුද්ගලික පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට ප්‍රතිපාදන අපරාධ නඩු විධාන සංග්‍රහයේ පවතින බව ඔබ හොදින් දනී. නමුත් එවැනි ප්‍රතිපාදනයක් පවතින බව දැන සිටින සෑම අයෙකුටම පුද්ගලික පැමිණිල්ලක් සකස් කර ඉදිරිපත් කිරීමට හැකියාවක් නොමැත.
මෙම පාඨමාලාව තවත් එක් නීති පන්තියක් නොවේ. ප්‍රායෝගික පාඨමාලාවක් යනුවෙන් සදහන් කර අපරාධ නඩු විධාන සංග්‍රහයේ, දණ්ඩ නීති සංග්‍රහයේ, සාක්ෂි ආඥා පනතේ වගන්ති පැහැදිලි කරමින් ඔබේ මුදල් සහ විශේෂයෙන්ම ඔබගේ වටිනා කාලය කා දැමීමට අපි බලාපොරොත්තු නොවෙමු.
මහේස්ත්‍රාත් අධිකරණල මහාධිකරණ නඩු කටයුතු ප්‍රායෝගිකව සිදුකරන ආකාරය පිලිබද පුළුල් අවබෝධයක් ලබාදෙනු පිණිස මෙම පාඨමාලාව සංවිධානය කර ඇත. ඉහත කී අධිකරණවල නඩු කටයුතු සිදුකිරීමේදී ඔබ දැනගත යුතුම සරල කටයුතුවල සිට සංකීර් ණ කරුණු දක්වා පහසුවෙන් ඉගෙනගත හැකි ආකාරයට මෙම පාඨමාලාව සැලසුම් කර ඇති අතර ආධුනික වසරේ ගත කරන අයෙකුට සහ එවන් කරුණු පිලිබද අවශ්‍යතාවයක් සහ උනන්දුවක් ඇති ඕනෑම නීතීඥ මහතෙකුට ගැලපෙන පරිදි සහ ප්‍රයෝජනවත් වන ආකාරයට අධිකරණවල ප්‍රායෝගික භාවිතයන් පිලිඹද මෙහිදී විග්‍රහ කෙරෙනු ඇත.
ඇතැම් විට ඔබගේ ජ්‍යෙෂ්ඨ නීතීඥ මහතාට ඔබ ඉගෙනගත යුතු අපරාධ අධිකරණවලට අදාල සියලු ප්‍රායෝගික තත්ත්වයන් පැහැදිලි කර ඉගැන්වීමට තරම් ඔහුගේ කාලය ප්‍රාමාණවත් නොවනු ඇත. තවද අප විසින් ඔබට අවබෝධ කර දෙනු ලබන ප්‍රායෝගික තත්ත්වයන් ඔබගේ අත්දැකීම් තුලින්ම අවබෝධ කරගන්නට වසර 10කට වඩා අධික කාලයක් ගතවනු ඇති අතර එකී කරුණ වුවත් රදා පවතිනුයේ ඔබට දෛනිකව ලැබෙන නඩු ප්‍රාමාණය මතයි. එසේ වන විට ඔබ දක්ෂ නීතීඥවරයෙක් ලෙස ස්ථාවර වීමට අධික කාලයක් ගතවනු ඇත.
නීතීඥ වෘත්තියට ප්‍රවිශ්ඨ විමට සිටින අය මෙන්ම දැනට වෘත්තියෙ නියැලී සිටින්නන්ටත් අධිකරණවල කටයුතු සිදු කිරීමේදී මතුවන බොහෝ ප්‍රායෝගික ගැටලු මෙම පාඨමාලාව හැදෑරීම තුලින් මග හරවා ගත හැකි වනු ඇති බව අපි දැඩි අවධාරණයෙන් කියා සිටින අතර මෙම පාඨමාලාවට සහභාගී වී ක්ෂේත්‍රයේ ප්‍රවීන විශේෂඥ නීති වෘත්තිකයෙක් ලෙස ඔබගේ ඉදිරි ගමන සාර්:ක කර ගනු ඇති බව අපගේ පරම විශ්වාසයයි.
පාඨමාලාව තුල ආවරණය කරනු ලබන ප්‍රායෝගික විෂය කොටස්
මෝෂන් පත්‍ර ගොනු කරන ආකාරය
මෝෂන් පත්‍ර ගොනු කර කල හැකි ඉල්ලීම්
චෝදනා පත්‍ර සැකසීම සහ එහි දෝෂ හදුනාගැනීම
නඩු විභාගයක හරස් ප්‍රශ්න ඇසීම (විවිධාකාර නඩුවලදී එකිනෙකට වෙනස් සාක්ෂි කරුවන් ගෙන් ඇසිය යුතු මූලික සහ ප්‍රධාන ප්‍රශ්න සාකච්ඡා කෙරේ )
නඩු විභාගයක මූලික සාක්ෂි විමසීම (විවිධාකාර නඩුවලදී එකිනෙකට වෙනස් සාක්ෂි කරුවන් ගෙන් ඇසිය යුතු මූලික සහ ප්‍රධාන ප්‍රශ්න සාකච්ඡා කෙරේ )
නඩු විභාගයක නැවත ප්‍රශ්න විමසීම
විවිධ විභාග නඩු වල අවශ්‍ය ලේඛන සහ නඩු විභාගයකදී ලේඛන ලකුණු කරන ආකාරය
පරස්පරතා සහ ඌණතා කරන ආකාරය
ලකුණු කරන ලද පරස්පරතා සහ ඌනතා ඔප්පු කරන ආකාරය
විත්ති සාක්ෂි කැදවීම
ශාක්ෂි ලයිස්තු ගොනු කිරීම
දඩුවම් ලිහිල් කර ගැනීමකදී කරුණු දක්වන ආකාරය
අභියාචනා ගොනු කිරීම
ප්‍රතිශෝධන ගොනු කිරීම
පැමිණිල්ල උනන්දු නොවීම මත විත්තිකරු නිදහස් කිරීමට ඉල්ලීම
විත්ති සාක්ෂි නොකැදවාම විත්තිකරු මුදා හැරීම
විත්තිකරු නිදොස් කොට නිදහස් කිරීම
විත්තිකරු නිදහස් කරන ලද නඩුවක් නැවත කැදවීම
ඇප ඉල්ලීම
අපේක්ෂිත ඇප ඉල්ලීම
ගෘහස්ත ප්‍රචන්ඩත්ව නඩුවක් ගොනු කිරීම
ගෘහස්ත ප්‍රචන්ඩත්ව නඩුවක නඩු විභාගය මූලික ප්‍රශ්න විමසීම සහ හරස් ප්‍රශ්න විමසුම
නඩත්තු නඩුවක් ගොනු කිරීම
නඩත්තු නඩුවක නඩු විභාගය, මූලික ප්‍රශ්න විමසීම සහ හරස් ප්‍රශ්න විමසුම
වාහන රාජසන්තක කිරීම
වාහන රාජසන්තක කිරීමට අදාල විමසීම
ඇපකාරිත්වයෙන් ඉවත් වීම
අභියාචනයකට යටත්ව ඇප ඉල්ලීම
හඳුනාගැනිමේ පෙරට්ටුවක කරුණු දක්වන ආකාරය
මත්ද්‍රව්‍ය නඩුවක නඩු විභාගය, මූලික ප්‍රශ්න විමසීම සහ හරස් ප්‍රශ්න විමසුම
බීමත්ව ධාවනය නඩුවක නඩු විභාගය, මූලික ප්‍රශ්න විමසීම සහ හරස් ප්‍රශ්න විමසුම
66 වගන්තිය නඩුකර – ලේඛන සකස් කිරීම සහ ලේඛන ගොනු කරන ආකාරය
73 වගන්තිය නඩුකර – ලේඛන සකස් කිරීම සහ ලේඛන ගොනු කරන ආකාරය
පුද්ගලික පැමිණිලි – ලේඛන සකස් කිරීම සහ ලේඛන ගොනු කරන ආකාරය
පෙර උත්තරවාද ඉල්ලා අස්කර ගැනීම
විත්තිකරු නොමැතිව නඩු විභාග කිරීම
B වාර්තා අවධිය
නඩු භාණ්ඩ මුදවා හැරීම
ඇප රාජසන්තක කිරීම
විත්තිකරුවන්ට සිතාසි නිකුත් කිරීම
නඩු සමථ කිරීම
මුල් පැමිණිල්ලේ සහ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ ලබා ගැනීම
නඩත්තු නඩුවක පීතෘභාවය තීරණය කිරීම
විදේශ ගමන් තහනම් ඉවත් කිරීම සහ විදේශ ගමන්වලට අවසර ඉල්ලීම
රිය බලපත්‍ර තහනම ඉවත් කර ගැනීම
98 වගන්තිය නඩුකර
81 වගන්තිය නඩුකර
දේශන කාලය සහ පාඨමාලා ගාස්තු
දේශන කාලය :- දිනකට පැය 2 බැගින් පැය 50
ගාස්තු :- දෛනික ගාස්තු රු. 2000/= බැගින් ගෙවිය හැක
අවශ්‍ය අයට සම්පුරණ පාඨමාලා ගාස්තු
රු. 35000/= වාරික 2කින් ගෙවිය හැක
පළමු වාරිකය – 2022.09.20 ට පෙර – රු.15 000,
දෙවන වාරිකය – 2022.10.20 ට පෙර – රු. 20 000
2022.09.20 ට පෙර එක්වර ගෙවන්නේ නම් රු. 25000ක් පමණි
දිනය සෑම ඉරිදා දිනකම සවස 6.00 – 8.00 ’Zoom තාක්ෂණය ඔස්සේ
මාධ්‍ය සිංහල
ඉහත සදහන් මුදල පහත ගිණුම් අංකයට බැර කර දුරකථන ඇමතුමක් ලබා දී ඔබගේ ගෙවීම තහවුරු කරන්න. මුදල් ගෙවීමෙදී රිසිට්පතේ ඔබගේ නම සහ දුරකථන අංකය පැහැදිලිව සදහන් කරන්න
E.M.C.තුෂාර
මහජන බැංකුව – 003200288519383
070 6800 446
076 3800 446