අනවශ්‍ය නඩු වලින් / කරදරවලින් බේරීමට ජංගම දුරකථන භාවිතයේදී ඔබ දැනගත යුතු අත්‍යාවශ්‍ය කරුණු කිහිපයක් 

අනවශ්‍ය නඩු වලින් / කරදරවලින් බේරීමට ජංගම දුරකථන භාවිතයේදී ඔබ දැනගත යුතු අත්‍යාවශ්‍ය කරුණු කිහිපයක්

  • ඔබේ ජංගම දුරකථනය නැති වූ විගස පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් කරන්න.
  • ඔබේ සිම්පත අස්ථානගත වී ඇත්නම් අදාල දුරකථන සමාගමට දන්වා එය අක්‍රීය කරගන්න.

ඉහත සදහන් කරුණු වලට හේතු වන්නේ ඔබේ ජංගම දුරකථනය ඔබේ සිම්පත යොදාගෙන වෙනත් අයෙකුට අපරාධයක් කල හැකි වීමයි. එසේ වුවහොත් ඇතැම් විට ඔබ අත් අඩංගුවට ලක්වීමට ඉඩ තිබේ.

  • තමන්ට අයිති නොවන (බිම වැටී තිබිලා අහුලාගන්නා ලද ) සිම්පතක් පාවිච්චි කිරීමෙන් වලකින්න.

මෙයට හේතු වන්නේ යම් අපරාධයක් කිරීම සදහා පාවිච්චි කරන ලද සිම්පතක් අපරාධයෙන් පසුව ගලවා විසිකර ඇත්නම් එය ඔබ පාවිච්චි කලහොත් අපරාධ කරුවන් සොයායාමේදී ඔබද එහි සැකකරුවෙකු වීමට ඉඩ තිබේ.

තවද ඔබ අසුලාගත් සිම්පත හොරකම් කරන ලද ජංගම දුරකථනයක සිම්පතක් නම් එය භාවිත කිරීමේදී එම ජංගම දුරකථනය සොරාගත් පුද්ගලයා ඔබ යැයි සැකයට බදුන් විය හැක. සමහර විට එය අහුලාගත් සිම් පතක් බවට ඔප්පු කිරීමටද අසීරු විය හැකිය.

  • යම් අයෙකු පාවිච්චි කර විකුණන ලද ජංගම දුරකථන, පුද්ගලයෙකුගෙන් හෝ වෙළදසැලකින් මිලදී ගන්නා විට කල්පනාකාරී වන්න.

එවැනි මිලදී ගැනීම් නොකරන්නේ නම් වඩාත් සුදුසු අතර යම් හෙයකින් එවැනි මිලදී ගැනීමක් කරන්නේ නම් ඔබ එය මිලදී ගත් එකක් බව හොදින් සනාථ කල හැකි ලේඛනයක් ලබා ගන්න.

නැතහොත් ඔබ මිලදීගත් ජංගම දුරකථනය සොරකම් කර විකුණන ලද එකක්නම් එය මුදල් ගෙවා මිලදී ගත්තද ඔබට මිලදී ගත් බව සනාථ කිරීමට නොහැකි වුවහොත් ඔබව අත් අඩංගුවට පත්වීමට ඉඩ තිබේ.

එම නිසා,

  • තමන්ගේ නොවන කිසිදු සිම්පතක් භාවිත කිරීමෙන් වලකින්න.
  • පාවිච්චි කරන ලද ජංගම දුරකථනයක් මිලදී ගැනීමෙන් හැකිතාක් වලකින්න.
  • යම් හෙයකින් ඔබ පාවිච්චි කරන ලද ජංගම දුරකථනයක් මිලදී ගන්නේ නම් එය මිලදී ගත් බව සනාථ කල හැති ලේඛනයක් ලග තබා ගන්න.
Shopping Cart